
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ මෙරට සංචාරය සිදුවන දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය සිදුවන බවය.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව ද සඳහන්.
මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා හමුවීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේ දී සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

















































