
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (24) රාත්‍රී 07ට නැගෙනහිර දිශාමුකව පිටත්ව වීථි සංචාරය කිරීමට නියමිතය.
පෙරහැර පහත සඳහන් මාර්ග ඔස්සේ ගමන් කර ගෙවදීමට නියමිතව ඇත.
දළදා වීදිය ,ඩී. එස්. සේනානායක වීදිය ,කොළඹ වීදිය, යටිනුවර වීදිය ,රජ වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය නැවත රජ වීදියෙන් ඉහළට විත් පෙරහැර ගෙවදීමට නියමිතය.
මේ අතර, පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් සහ මහජනතාව සඳහා විශේෂ ආරක්ෂක සහ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.



















































