
ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක මියගොස් සිටි සීල් මත්ස්‍යයෙකු සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වී ඇත්තේ එම සත්ත්වයාට කුරළු උණ රෝගය වැළඳී ඇති බවය.
ඒ අනු, ඔස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතෙකුට වැළඳුණු ප්‍රථම කුරුළු උණ (H5 Bird Flu) සිද්ධිය නිල වශයෙන් තහවුරු කර තිබේ.
මෙම සීල් මත්ස්‍යයා ඇඩිලේඩ් සිට කිලෝමීටර 300ක් දකුණින් පිහිටි බීච්පෝර්ට් (Beachport) ප්‍රදේශයෙන් සොයාත් බව සඳහන් වේ.
වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාව පුරා H5 කුරුළු උණ වැළඳුන අවස්ථා 298ක් වාර්තා වී ඇති අතර, එයින් 194ක්ම දකුණු ඔස්ට්‍රේලියාවෙනි.
කුරුළු උණ නැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු 'ප්‍රතිකාරයක්' හෝ ඖෂධයක් ලෝකයේ කිසිදු තැනක සොයාගෙන නොමැති බව සඳහන් වේ.


















































