
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 165ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කැමරන් ග්‍රීන් ලකුණු 51ක් හා නේතන් ලයන් ලකුණු 10ක් රැස්කරගෙන සිටියි.
ඊට අමතරව ස්ටීවන් ස්මිත් ලකුණු 42ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 22ක් ඉනිමට එක්කිරීමට හැරෙන්න වෙනත් කිසිවෙකුට ලකුණු 8කට වඩා රැස්කිරීමට නොහැකිවූහ.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 35කට කඩුලු 6ක් දවාගත්තේය.
එය ඔහුගේ පෞද්ගලික හොඳම පන්දු යැවීම මෙන්ම පළමු කඩුලු 5 අවස්ථාව විය. මීට පෙර ඔහු දක්වා තිබූ හොඳම පන්දු යැවීම වූයේ ලකුණු 28කට කඩුලු 3ක් දවාගැනීමය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 64ක් පමණි.



















































