header logo
SLIC
උණුසුම් පුවත්
නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය
3h ago
නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය
EDEX

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටි බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අභාවප්‍රාප්ත නන්දා මාලනී මහත්මිය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

නන්දා මාලනී සිය ජීවිතය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට, 80 දශකය වනවිට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය, එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූ බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

ජනපතිගේ ශෝක පණිවුඩය 

සිය ගායන කුසලතාව සමාජ සාධාරණත්වයේ සහ යුක්තියේ අඬහැරය බවට පත් කර, අලුත් ලොවක් ගැන සිතීමට පරපුරකට දිරි දුන්, සැබෑම ශ්‍රී ලාංකේය සත්‍යයේ හඬ, අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය ලාංකේය සමාජය මහත් කම්පාවට පත්කරවනු ලැබ තිබේ.

ළමා වියේ සිටම මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ස්වකීය අනන්‍යතාව සලකුණු කර ගත් ඇය, සිය ජීවිතය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූවාය. එපමණකින්ම ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කර ගත්තාය.  

සිය ජීවිතය තුළින් ලද පන්නරය සමගින් පොදු ජනතාවගේ දුක, කඳුළ, දහදිය හඳුනාගෙන සිටි ඇය, පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයකට එරෙහිව අභීතව සටන් වැදුනාය. ඇගේ මියුරු හඬ තමන් පෙළමින් ඇති පීඩිතභාවයට එරෙහිව සටන් වැදිය යුතු බවට ජනතාව කැඳවූ කාහලයක් විය. මව්බිම පත්ව තිබූ ඛේදනීය තත්වයට සහ ජනතාව පෙළමින් තිබූ වේදනාවන්ට හෘදය සංවේදී වූ නන්දා මාලනිය, මර්දනකාරී දේශපාලන අධිකාරිත්වයට එරෙහිව නැඟූ ‘සත්‍යයේ ගීතය’, හුදු ‘පවනක්' නොව චණ්ඩ මාරුතයක් වූ බවට සියලු ජීවමාන සාක්ෂිකරුවන් සාක්ෂි දරනු ඇත. තහංචි බාධා හමුවේ ජන හදවත් සමඟ ගැහුණු ඇගේ මධුර එහෙත් ගම්භීර හඬ, දුෂ්කරම සහ අඳුරුම අවස්ථාවන්හිදී ජනතාවට තම දුක් වේදනාවන් ඉවසා සිටින්නටත් ආලෝකය උදාවන තෙක් නොසැලී දරා සිටින්නටත් මහත් ශක්තියක් වූ බව මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටියාය. කලාකරුවෙකුගේ පැවැත්ම අවසන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ හුස්ම වාතලයට මුසු වීම නතර වූ දින නොව, ඔහු හෝ ඇය විසින් සමාජයට දායාද කරන ලද නිර්මාණ මිනිස් හදවත් තුළින් මැකී යන දිනයේදීය. ඒ අරුතින් සැලකූ කළ, නන්දා මාලනී නම් වූ පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයනු ඇති බවට සැක නැත.

නන්දා මාලනී මහත්මියගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෘද කලාකරුවන් සහ සුවහසක් රසික රසිකාවියන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමි.

ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික දේහය තුළ ජනතාවාදී සලකුණ ගැඹුරින් තබමින්, සුවහසක් ජන හදවත් ප්‍රඥාවෙන් අවදි කළ ආචාර්ය නන්දා මාලනියනි, දැයෙන් සමුගන්නා ඔබගේ යුග මෙහෙවර මේ භූමිය මත සදානුස්මරණීයයි!

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ