
දිවිසැරිය නිම කළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර එක්විය.
ඒ, ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවසට පැමිණීමෙනි.
නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේවන විට පැමිණෙමින් සිටිති.
නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (22) බොරැල්ල පොදු සුසාන භූමියේදී පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතය.


















































