
යාපනය, පණ්ඩතරිප්පු ප්‍රාන්පත්තු ප්‍රදේශයේ කෝවිලක ඊයේ (20) පැවති උත්සවයක් අතරතුර අධික ලෙස ගිනිකෙළි භාවිතය මෙන්ම අධි බලැති ලේසර් කිරණ හේතුවෙන් ඇස්වලට ඇතිවූ හානි හේතුවෙන් පුද්ගලයින් 166 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ඒ අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළත් වන බව වාර්තා වේ.
කෝවිලේ පැවති උත්සවය අතරතුර අධික ලෙස ගිනිකෙළි දල්වා ඇති අතර, පැවැති ප්‍රසංගය අතරතුරදී ද අධි බලැති ලේසර් කිරණ භාවිත කර ඇති බවට වාර්තා වේ.
මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට ඇස් දැවිල්ල, සහ දෘෂ්ටි දුර්වලතා ඇතුළු ආබාධ මතුවී ඇති අතර ඒ අනුව එම පිරිස රෝහල් කර ඇත.
මූලික තොරතුරුවලට අනුව, යාපනය ශික්ෂණ රෝහලට පුද්ගලයින් 120ක් ද, තෙල්ලිප්පලෙයි මූලික රෝහලට පුද්ගලයින් 46 දෙනෙකු ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් සෞඛ්‍ය අංශ විසින් එම ප්‍රදේශයේ අඛණ්ඩව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවද වාර්තා වේ.


















































