header logo
SLIC
උණුසුම් පුවත්
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
1h ago
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
EDEX

විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල පාඨමාලා හැරයන පිරිමි සිසුන්ගෙන් සියයට 70ත් 80ත් අතර බහුතරය කිසියම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වන බවය.

විශ්ව විද්‍යාල සිසුන් සහ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වූ "රටම එකට" ජාතික මෙහෙයුමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සඳහා පුද්ගලයන් දිගින් දිගටම පෙළඹෙන්නේ ලබාගන්නා යම් සතුටක් හෝ වෙනත් කාරණයක් නිසා නොව, මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමේදී ඇතිවන විරමන ලක්ෂණ පාලනය කරගැනීමට බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ශරීරය තුළ ඇතිවන මෙම විරමන ලක්ෂණ පාලනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා සිසුන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකු අඛණ්ඩව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පෙළඹෙන බව ද අමිල ඉසුරු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, වත්මන් තත්ත්වය හමුවේ මෙරට පාසල් දරුවන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද මත්ද්‍රව්‍යවලට හුරු කරගැනීම සඳහා ජාවාරම්කරුවන් විශාල උත්සාහයක නිරත වන බව ද මහාචාර්යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාසල් පද්ධතිය තුළ සිදුකරන ලද පර්යේෂණවලින් මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළද දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගැනීමේ සහ හුරුවීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බව පෙනී යන බවය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය අමිල මහතා,

"ඕනෑම පුද්ගලයෙක් දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ මත්ද්‍රව්‍යවලින් ලැබෙන ඔවුන් කියාගන්නා සතුට හෝ වෙන යම් කාරණාවක් නිසා නෙමෙයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන එක නැවැත්තුවාම ඇතිවන විරමන ලක්ෂණ පාලනය කරගන්න තමයි ඔවුන් දිගින් දිගටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ තමන්ගේ පාඨමාලාව කරගෙන යන්න බැරුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන දරුවෝ ගත්තොතින්, පිරිමි දරුවන්ගෙන් 70%ක් 80%ක් විතර අය ඒ තත්ත්වය උදාවෙලා තියෙන්නේ යම්කිසි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම තුළ. ලංකාව තුළ මේ වෙනකොට අපේ දරුවන්ට මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න මේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. පාසල්වල කරපු පර්යේෂණවලින් පෙන්වනවා දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න, හුරු වෙන එක යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාලවල දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න එකට යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට