
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබේ.
ඒ අනුව එම පත් කිරීම මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා බලාත්මක වනු ඇත.
හෂාන් තිලකරත්න 1989 වසරේ සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
එහිදී ටෙස්ට් ක්‍රිකට් තරග 83කට සහ එක්දින ක්‍රිකට් තරග 200කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 8,200ක් රැස්කරගත්තේය.


















































