දැඩි ආරක්ෂාවක් මැද දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ CCDයට
August 18, 2026 08:53 am
ඕමානයේ දී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් 'සමිට්පුර චතූ' විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ( CCD) වෙත රැගෙන ගියේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'මෝදර චතූ' නොහොත් 'සමිට්පුර චතූ' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඕමානයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා, 2025 වසරේදී මාර්තු 22වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕමානය වෙත පලාගොස් තිබුණි.
ගනේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙකුද වන මොහු, මෙරට තුළ සිදුකළ අපරාධ රැසක විමර්ශන කටයුතු සඳහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකු ලෙස සැලකේ.
ඒ අනුව ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයයේ රැගෙන යනු ලැබීය.
