පිල්ලයාන් යළි රිමාන්ඩ්
August 18, 2026 11:08 am
නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
ඒ මඩකලපුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවේ අද (18) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන 5ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවරා ඇති නඩුවේ 3 වන සැකකරු ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර තිබේ.
කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන සහ ඉඩම් ආරවුලකට අදාළව ඔහුට එරෙහිව චෝදනා 3ක් එල්ල වී ඇත.
