header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ගල්කිස්ස රත්කළ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Aug 16, 202612:58 PM
ගල්කිස්ස රත්කළ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Mobitel 1278

ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ ඊයේ (15) රාත්‍රීයේ සිදු වූ වෙඩිතැබීමකින් එහි හිමිකරුගේ මිතුරෙක් ජීවිතක්ෂයට පත්විය.

කෙසේවෙතත් පොලිසිය සැකපළ කරන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු විය හැකි බවය.

ඊයේ රාත්‍රී 9.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් තුළදීය.

වෙඩි තැබීම සඳහා යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනා හුළුදාගොඩ පටුමගට හැරී අදාළ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය දෙසට යන ආකාරය ද සීසීටීවී දර්ශනවල සටහන් ව තිබුණි.

අනතුරුව ඔවුන් යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය අසලට පැමිණ ඉන් වෙඩික්කරු පමණක් යතුරුපැදියෙන් බැස නිවස පිහිටි වත්ත තුළට ගමන් කරන ආකාරයද එහි දැක්වේ.

එහිදී වෙඩික්කරු යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබුණි.

පසුව වෙඩික්කරු ඔහු පැමිණි යතුරුපැදියෙන්ම පලා ගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණත් පසුව ඔහු මියගොස් තිබුණි.

මෙලෙස මියගොස් තිබුණේ රාගම ප්‍රදේශයේ පදිංච සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයට කඩිනමින් පැමිණි ගල්කිස්ස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඊයේ (15) රාත්‍රීයේම විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන්ව ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි.

මේ අතර යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ මව අද (16) පෙරවරුවේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පැමිණියේ ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කළ බෙල්ලන්විල පෙරහර නැරඹීමෙන් පසුවය.

ඇය පැවසුවේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සිය පුත්‍රයාගේ මිතුරෙක් වන අතර ඔහු නිරන්තරයෙන් එහි පැමිණ මත්ද්‍රව්‍ය භාවිත කරන බවය.

මියගිය පුද්ගලයාගේ බවට සැකකෙරෙන යතුරුපැදියක්ද අදාළ ස්ථානයේ නවතා තිබුණි.

කෙසේවෙතත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත පොලිසිය සැකකරන්නේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ වෙඩික්කරුවන් ඉලක්ක කළ පුද්ගලයා නොවන බවය.

පොලිසිය සැකපළ කරන්නේ අදාළ වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු වන සඳුන් නැමැත්තා ඝාතනය කිරීමට වන බවය.

පොලිසිය පවසන පරදි ඔහු , ID නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙක් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගියදා මෙම ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු වන සඳුන් නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම රත්මලානේදී කුඩු අංජුගේ ගෝලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙය සිදුකරන්නට ඇති බවටත් පොලිසියට සැකයක් පවතී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana