නුවරඑළියේ ප්‍රා.ලේකම් කාර්යාලවල හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
August 16, 2026 11:39 am
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව 2023 වසරේ සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම විගණනය සිදු කිරීමට නියමිතය.
එහිදී නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
එමෙන්ම දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබාදීම, කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය හරහා ලබා දුන් රුපියල් 5,000ක දීමනාව සහ සමෘද්ධිලාභීන්ට රජය මගින් ලබා දෙන සහනාධාර සහ වැඩිහිටිදීමනා නිසි ලෙස ප්‍රතිලාභීන්ට ගෙවා ඇති බව ද විගණනය සිදු කිරීමට නියමිතව තිබේ.
විගණනය ආරම්භ කිරිමට ප්‍රථම ඒ පිළිබඳව තොරතුරු පවතින්නේ නම් එම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙසද ප්‍රතිලාභීන්ගෙන් මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
