අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපයට ඩෙංගු රෝගීන් 6,004ක්
August 14, 2026 11:47 am
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ (13) දින දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 91,346ක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇතැයි එම ඒකකය සඳහන් කළේය.
එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 68ක්ද සිදුව ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.
මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර ඒ අනුව එම මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,968ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර මෙම මාසයේදී ඊයේ දිනය දක්වා ගතවූ දින 13 තුළ ඩෙංගු රෝගීන් 6,004ක් වාර්තා වී ඇති බවද ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 48,383ක් ලෙසද වාර්තා වී ඇත.
එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 13,479ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,160ක්ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
