වනෝද්‍යානවල සිටින සතුන්ට බවුසර් මගින් ජලය
August 12, 2026 09:23 am
වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යානවල සිටින සතුන්ට බවුසර් මගින් ජලය ලබා දීම ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අධික වියළි කාලගුණයත් සමඟ යාල, විල්පත්තුව, කුමන සහ බූන්දල යන වනෝද්‍යානවල ජලය එක්රැස්වන ස්ථාන සිදීයමින් පැවතීම හේතුවෙන් මෙලෙස බවුසර් මගින් ජලය සැපයීම ආරම්භ කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා,
"වනජීවි දෙපාර්තමේන්තුවේ ජාතික වනෝද්‍යානවල සත්තුන්ට අවශ්‍යවන ජලය සම්පාදන කරන්න අපි විශේෂ සැලැස්මක් ක්‍රියාත්ම වෙනවා මේ වෙනකොට විශේෂයෙන් ප්‍රධාන ජාතික වනෝද්‍යානවල සූර්ය ලපයෙන් ජලය ලබාදෙන පොම්ප පද්ධතියක් සහ නල පද්ධතියක් අපි පවත්වාගෙන යනවා එකෙන් අපි දිගින් දිගටම වතුර ලබාදෙනවා. ඊට අමතරම ඒ නල පද්ධතීන් ආවරණය නොවන ප්‍රදේශ සඳහා අපි බවුසර් මගින් ජලය ලබාදීමේ වැඩසටහන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. පවතින කාලගුණ තත්ත්වය වෙනස්වීමක් මත අවශ්‍ය ප්‍රමාණයට වතුරු ලබාදීම වැඩිකිරීම හෝ අඩුකිරීම කටයුතු කරන්න අපිට හැකියාව තියෙනවා."
