තංගල්ලේ නිවසක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක්
August 12, 2026 10:10 am
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද (12) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් අදාළ වෙඩිතැබීම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.
මීලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි.
ධීවර බෝට්ටු හිමිකරුවකුගේ නිවසට අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
