කල්පිටියේ ඛේදවාචකයක් - දරු දෙදෙනෙක් දියේ ගිලී මරුට
August 12, 2026 06:03 am
කල්පිටිය පොලිස් වසමේ කුරක්කන් හේන ප්රදේශයේ කලපුවක වල්ලමක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි පවුලක්ම අනතුරට ලක්ව දරු දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (11) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, දියේ ගිලී මියගොස් ඇත්තේ, අවුරදුු 7ක් වූ පිරිමි දරුවෙකු සහ 13 හැවිරිදි ගැහැණු දරුවෙකි.
මොවුන් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැල් රැගෙන ඒම සඳහා වල්ලමෙන් ගමන් කරමින් සිටියදී, මෙලෙස අනතුරට පත්ව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
පියා වැඩිදුර ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.
කල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර කයිට්ස් පොලිස් වසමේ වේලනය ප්රදේශයේ සාටී වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 52 හැවිරිදි කොකුවිල් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කයිට්ස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
