තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්රහාරයක් - 11ක් රෝහලට
August 11, 2026 12:44 pm
නෝර්වුඩ් පොලිස් වසමට අයත් අයර්බි වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වූ බඹර ප්රහාරයකින් කම්කරුවන් 11 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
තේ වත්තේ ගසක් මුදුනේ බැඳ තිබූ බඹර කූඩුවක වදයක් කඩා ගැනීම සඳහා උකුස්සෙකු පහරදීම නිසා මෙලෙස බඹරුන් ඇවිස්සී ඇත.
රෝහල් ගත කල තුවාලකරුවන් 8දෙනෙකු භාහිර රෝගී අංශයෙන් ප්රතිකාර ලබාගොස් ඇත.
තවත් තිදෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබන බව දික්ඔය මූලික රෝහල් ආරන්චි මාර්ග පවසයි.
