වියට්නාමයේ 'VinSpace' සමාගම 'SpaceX' සමග ගිවිසුම්ගත වෙයි
August 11, 2026 01:45 pm
වියට්නාමයේ VinSpace සමාගම, තමන් විසින් නිෂ්පාදනය කරන ප්‍රථම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සඳහා අමෙරිකාවේ SpaceX සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙම ගිවිසුමට අනුව, 2027 වසරේ දෙවන කාර්තුවේදී SpaceX හි Falcon 9 රොකට්ටුවක් මගින් ක්‍රියාත්මක කෙරෙන Transporter Rideshare මෙහෙයුමක් ඔස්සේ එම චන්ද්‍රිකා අභ්‍යවකාශයට යැවීමට නියමිතය.
චන්ද්‍රිකා පර්යේෂණ, සංවර්ධනය, නිෂ්පාදනය, එකලස් කිරීම මෙන්ම කක්ෂගත කිරීමෙන් පසු ඒවායේ සමස්ත මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ VinSpace සමාගම විසිනි.
2027දී සිදුකිරීමට නියමිත මෙම ප්‍රථම මෙහෙයුම මගින් තමන් විසින්ම නිපදවන ලද තාක්ෂණයන් අභ්‍යවකාශයේදී පරික්ෂා කිරීමටත්, ඉදිරි වාණිජමය කටයුතු සඳහා පදනම සකස් කරගැනීමටත් එම සමාගම අපේක්ෂා කරයි.
