බුත්තල දී ලංගම බස් රථයක් පෙරළෙයි

බුත්තල දී ලංගම බස් රථයක් පෙරළෙයි

August 11, 2026   11:38 am

බුත්තල - මොනරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේ දී මොනරාගල සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අද (11) උදෑසන සිදුවූ අනතුරින් බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර අන් කිසි‌වෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර සහිතව පුද්ගලයින් දස දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.

බස් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවට සැකපල කරයි.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.