මාර්ග මායිම් කණු කඩා ආ සැප රිය - පදිකයින් දෙදෙනෙකු රෝහලේ
August 11, 2026 09:32 am
කොළඹ දෙස සිට කළුතර දෙසට ගමන්කළ සුඛෝපභෝගී මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙෙනකු රෝහල් ගතකර තිබේ.
වස්කඩුව - ගාලුපාරේ දී මෝටර්රථය ප්රතිවිරුද්ධ මන්තීරුවට ඇදීගොස් පදිකයින් තිදෙනෙකුගේ ගැටී මාර්ග මායිම් කණු දෙකක් කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන තිබේ.
රියදුරට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.
අත්අඩංගුවට ගත් රියදුරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
