මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වෙයි
August 9, 2026 06:28 am
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදීය.
ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු ඊට ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි.
ඒ අනුව උදෑසන 9.30ට විභාගය ආරම්භවීමට නියමිත අතර සියලු සිසුන් උදෑසන 09වන වන විට විභාග ශාලාවේ අසුන් ගෙන සිටිය යුතු බව විභාග කොමසාරි ජනාරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි මහත්මිය කියා සිටියාය.
ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතය.
අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.
විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටී.
එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.
