අගෝස්තු 15න් පසු කාලගුණයේ වෙනසක්
August 9, 2026 02:17 pm
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේත් මේ හා සමානව පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසා සිටියේ, එළැඹෙන 15වැනිදායින් පසුව වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බවත්ය.
මේ අතර දිවයිනට බලපෑම්කර ඇති එල් නිනෝ තත්ත්වය ලබන වසරේ ඊසාන දිග මෝසම දක්වාත් පැවැතිය හැකි බවත් ඒ මහතා පවසයි.
ඒ හේතුවෙන් මේ දිනවල වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට වැඩි බලපෑමක් ඇතිවනු ඇති බව හෙතෙම සඳහන් කළේය.
දිගින් දිගටම වියළි තත්වයක් පැවතීම නිසා සුළඟේ වේගය ඉදිරියේදී අඩුවිය හැකි බවත්, ඒ හේතුවෙන් ආර්ද්‍රතාවයත් එක්ක ශරීරයට දැනෙන උෂ්ණත්වය යළි ඉහළ යාමට වැඩි හැකියාවක් ඇති බවත් පැවසීය.
