ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් කැමැත්තෙන්

ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් කැමැත්තෙන්

August 7, 2026   02:29 pm

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ ඉරාන අනුග්‍රහය ලබන කණ්ඩායම් සමග පවතින ගැටුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ගැටුම්කාරී පාර්ශ්වයන්ට දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවය.

කෙසේ නමුත් පවතින තත්ත්වය කෙටි කාලයකින් අවසන් වනු ඇති බව සඳහන් කර ඇත.

මේ අතර පසුගිය මාස කිහිපය තුළ කලාපයේ ආරක්ෂක මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවන් විසින් දිගුදුර මිසයිල ඇතුළු විශාල අවි ආයුධ ප්‍රමාණයක් භාවිත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

ඒ අනුව අමෙරිකාවේ ගෝලීය අවි සංචිතයට සිදුව ඇති බලපෑම පිළිබඳ මාධ්‍යවේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, අමෙරිකාව සතුව ඇතැම් අවි ආයුධ වර්ග අසීමිත ලෙස පැවතුණද, ඇතැම් විශේෂිත පතොරම් සහ මිසයිල සංචිත සීමිත මට්ටමක පවතින බවය. 

කෙසේ වෙතත් අමෙරිකානු ජාතික ආරක්ෂාවට හෝ හමුදා මෙහෙයුම්වලට එය බාධාවක් කර නොගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.