විශේෂ මෙහෙයුම් මගින් 508දෙනෙකු අත්අඩංගුවට
August 7, 2026 02:23 pm
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ගත වූ දිනයේ පමණක් පුද්ගලයින් 508දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 27,054දෙනෙකු පරීක්ෂාවට ලක්කළ බවය.
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 20දෙනෙකු, සහ විවෘත වරෙන්තුකරුවන් 142දෙනෙකු ද ඒ අතර වන බව සදහන්.
මීට අමතරව බීමත් රියදුරන් 65දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 122දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
