header logo
SLIC
උණුසුම් පුවත්
හෙටත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි
Aug 06, 202604:36 PM
හෙටත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි
EDEX

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ දී මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

තවද , බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight