වැල්ලවත්තට සහ පාමංකඩට පැය 7ක ජල කප්පාදුවක්

වැල්ලවත්තට සහ පාමංකඩට පැය 7ක ජල කප්පාදුවක්

August 6, 2026   04:15 pm

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම ජල කප්පාදුව සිදුකරනු ලබන්නේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසත්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.

මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතාව සම්බන්ධයෙන් මණ්ඩලය කණගාටුව ද පළ කර ඇත.