විභාග කාලසීමාවේ දී ආපදා ඇතිවුවහොත් දැනුම්දෙන්න දුරකථන අංක 5ක්
August 6, 2026 12:52 pm
ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අඛණ්ඩ සහයෝගය ඇතිව එය ක්‍රියාත්මක කරන බවය.
"ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරලා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විභාගයට පෙරත් අවසන් වී පසු දිනයේදීත් මෙම සැලැස්ම ක්‍රියාත්මකයි. යම්කිසි ආපදා තත්ත්වයක් ඇතුවුවහොත් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය පරිදි පහසුකම් සලසා දීමට, ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනයේදී මෙන්ම නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමට සැලසුම් සකස් කරලා තියෙන්නේ. නව දුරකථන අංක 5ක් ලබා දෙනවා විභාග දිනයට පෙර දිනයේ දී. එමෙන්ම 117 දුරකථන අංකය විවෘතයි. තාක්ෂණිත වාර්ථාවන් පැය 6න් 6යට හෝ 3න් 3ට ලබා දීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාව පොලීසිය එකතුව අඛණ්ඩව වැඩකටයුතු කිරීමට නියමිතයි."
