header logo
SLIC
උණුසුම් පුවත්
සාකච්ඡා රැසකට පසු ඉන්දීය විදේශ ලේකම් දිවයිනෙන් පිටව යයි
Aug 06, 202606:46 AM
සාකච්ඡා රැසකට පසු ඉන්දීය විදේශ ලේකම් දිවයිනෙන් පිටව යයි
EDEX

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා සිය නිල ශ්‍රී ලංකා සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ අමාත්‍යාංශ ලේකම් අරුණි රනරාජා යන අයවද හමුවී දෙරට අතර සහයෝගීතාව, සංවර්ධන ව්‍යාපෘති, වෙළෙඳාම, ආයෝජන හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා සිදුකර තිබුණි.

එහිදී, දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් වන අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායි ණය පහසුකම් සම්බන්ධයෙන් වන ගිවිසුම් හුවමාරු කර ගෙන තිබුණි.

මෙම සහනදායි ණය පහසුකම් නැවත ඉදිකිරීමේ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ සුළි කුණාටුවෙන් අනතුරුව මතු වූ අවශ්‍යතා සපුරාගැනීමට අවැසි ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම සඳහා උපකාරී වනු ඇත.

මීට අමතරව, උතුරු හා නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයන් සහ මුස්ලිම් දේශපාලන නියෝජිතයන් හමුවූ මිස්රි මහතා, දේශපාලන බලය බෙදාහැරීම, දෙමළ ජනතාවගේ සුබසාධනය සහ ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ඊයේ (05) දිනයේ දීම දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියත් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වුණි.

වතුකර ප්‍රජාව සදහා ඉන්දියානු නිවාස ව්‍යාපාතියේ 4 වන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරිම පිළිබඳව සාකාච්ඡා වී තිබේ.

ඉන්දීය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මෙරට නායකයින් අතර එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වුණි.

ඉන්දීය ධීවරයින්ට අදාළ ගැටලු පිළිබදව මෙහිදි සාකච්ඡා වී ඇති අතර මෙරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් කඩිනමින් නිදහස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයා ඉල්ලීමක් ද කර ඇතැයි ද සඳහන්ය.

අදාලපුවත්
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට