සබරගමුව සමන් දේවාලයේ පෙරහැරින් පසු තැනින් තැන ගොඩගැසුණු කුණු ගොඩවල් 

සබරගමුව සමන් දේවාලයේ පෙරහැරින් පසු තැනින් තැන ගොඩගැසුණු කුණු ගොඩවල් 

August 2, 2026   11:07 am

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ පෙරහර අවසන්වී දින හතරක් ගතවී තිබුණ ද තවමත් ඒ අවට ගොඩගැසී ඇති කැළිකසල ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති. 

මෙලෙස නගර සභාවේ උදවිය වගකීම් විරහිතව ක්‍රියා කිරීම ඩෙංගු මාරයාට අතවැනීමක් බවට ඔවුුහු පෙන්වා දෙති. 

මේ වනවිට එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලෙන අතර අදාළ භූමියේ ඇති පොලිතීන් සහ ප්ලාස්ටික් බෝතල් කෝප්පාදීය තුළ වැසි ජලය පිරී පවතියි.

රත්නපුර මහනගර සභාවේ සෞඛ්‍ය අංශවලට අනුව මෙම ප්‍රදේශය ඩෙංගු අධි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇත. 

එවැනි පසුබිමක මෙලෙස නොදිරන ද්‍රව්‍ය ඉවත් නොකිරීම හේතුවෙන් ප්‍රබල ඩෙංගු අවධානමක් ඇතිවනු ඇතැයි ප්‍රදේශවාසීහු බිය පළ කරති. 

එමෙන්ම දේවාල භූමිය තුළ තිබෙන ප්‍රධාන කාණු පද්ධති පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍යවලින් අවහිරවී පවතින බව ද සඳහන්ය. 

ඊට නිසි විසඳුමක් ලබා දෙන ලෙසට ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.