කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
August 2, 2026 11:44 am
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අද (02) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (03) පෙරවරු 11.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.
ඒ අනුව උතුරු-මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ වන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසය.
