ගල්කිස්ස පන්සල පාරේ ඝාතන තැත - ගිනිඅවිය දුන් කාන්තාවක් කොටුවෙයි
July 30, 2026 09:04 pm
ගල්කිස්ස, පන්සල පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට උත්සාහ දැරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිද්ධිය සිදුවූ ඉකුත් 21වැනිදා ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවැසියෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කර තිබුණි.
එදින රාත්‍රී 10.30ට පමණ අදාළ පුද්ගලයා නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටියදී, ඒ අසලට පැමිණි නාඳුනන පුද්ගලයෙකු 'උඹ චමින්ද නේද' යනුවෙන් විමසා වෙඩිතැබීමට උත්සාහ කර ඇත.
නමුත් එම අවස්ථාවේ දී ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතන තැත ව්‍යර්ථ වී තිබේ.
ඒ අනුව එම වෙඩිතැබීමට සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අයිස් මත්ද්‍රව්‍ය ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඇය විසින් ගිනිඅවිය වෙඩික්කරු වෙත ලබාදී ඇති බවට අනාවරණය වී ඇති අතර, එම ගිනිඅවිය වෙඩික්කරුට ලබාදීම සඳහා යතුරුපැදියකින් පැමිණෙන අවස්ථාව CCTV කැමරාවකද සටහන්ව තිබුණි.
