ජර්මනියේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන 10,000කට ආසන්න වෙයි
July 30, 2026 05:44 pm
වසරේ මේ වන විට ජර්මනියේ අධික රස්නය හේතුවෙන් පුද්ගලයින් 9,800ක් පමණ මියගොස් ඇති බව එරට ජර්මනියේ RKI සෞඛ්‍ය ආයතනය පවසා තිබේ.
අද (30) නිකුත් කළ මෙම වාර්තාවට අනුව, මෙලෙස මියගිය අයගෙන් බහුතරයක් වයස අවුරුදු 75 හෝ ඊට වැඩි වයස්ගත පුද්ගලයින් බව සඳහන් වෙයි.
මෙරට සතියක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවීම හේතුවෙන් මෙලෙස මරණ සිදුවීමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ ගොස් තිබේ.
මේ අතර, ඉදිරියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට වඩා වැඩි විය හැකි නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
