හරක් කටා ඇතුළු විත්තකරුවන්ට එරෙහි නඩුව - PTA යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැක

හරක් කටා ඇතුළු විත්තකරුවන්ට එරෙහි නඩුව - PTA යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැක

July 30, 2026   08:08 pm

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට ඔහුට එරෙහිව අදාළ චෝදනා ගොනු කර තිබුණි. 

කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි මහාධිකරණ නියෝගයේ සඳහන් කර ඇත 

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.