විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඇංග්ලිකන් සභාවෙන් දැඩි විරෝධයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඇංග්ලිකන් සභාවෙන් දැඩි විරෝධයක්

July 30, 2026   05:48 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ඇංග්ලිකන් සභාව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

කොළඹ රදගුරු අතිඋතුම් දුෂන්ත රොද්‍රිගෝ හිමිපාණන් සහ කුරුණෑගල රදගුරු අතිඋතුම් නිශාන්ත ප්‍රනාන්දු හිමිපාණන් විසින් එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇත.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට සහ කලකිරීමට පත්වන බව ශ්‍රී ලංකා ඇංග්ලිකන් සභාව එම ප්‍රකාශයෙන් සඳහන් කර ඇත.

ලංකා ඇංග්ලිකන් සභාවේ සම්පූර්ණ නිවේදනය පහතින්,