දුන්හිඳ සුන්දරත්වය නරඹන්න අලුත් මැදිරියක්
July 27, 2026 06:41 pm
දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ බදුල්ල, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුන්හිඳ දියඇල්ල පරිශ්‍රයේ නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (27) නිල වශයෙන් ආරම්භ විය.
වසර 50 කට වඩා පැරණි, දැනට අබලන් තත්ත්වයේ පවතින නැරඹුම් වේදිකාව වෙනුවට ඉදිකෙරෙන මෙම නව මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 200ක ප්‍රතිපාදන ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් වෙන්කර ඇත.
මෙමගින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් උදෙසා උසස් ප්‍රමිතියෙන් යුතු නැරඹුම් අත්දැකීමක් සහ අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට නියමිතය.
