header logo
Vallibel FD
උණුසුම් පුවත්
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම මහජන සේවාවක් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්
Jul 21, 202606:21 PM
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම මහජන සේවාවක් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්
Mobitel 1278

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම මහජන සේවාවක් කිරීම උදෙසා විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර ඊයේ (20) මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මේ සඳහා රුවන් සෙනරත් හා එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද එක්ව තිබුණි.

මෙහිදී රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව හා සම්බන්ධීකරණය වේගවත් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතාව සහ කුසලතා වර්ධනය කිරීම මෙන්ම මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

විශේෂයෙන්ම, රාජ්‍ය අංශයේ පරිපාලනමය ක්‍රියාවලීන් සරල කිරීම (Business Process Re-engineering) සහ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් මහජනතාවට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සේවාවන් සපයා දීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

සීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සේවා ප්‍රමාදයන් මඟහැරවීම සඳහා නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමත්, ඩිජිටල්කරණය පිළිබඳව නිලධාරීන් තුළ පවතින අනිසි බිය ඉවත් කර, ඔවුන් තුළ ඩිජිටල් කුසලතා පිළිබඳ කැමැත්තක් ඇති කිරීමත්, නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන සයිබර් ප්‍රහාර සහ දත්ත අවදානම් වළක්වා ගැනීමට සයිබර් ආරක්ෂණ දැනුම ලබා දීමත් සඳහා වන වැඩපිළිවෙලේ නියමු වැඩසටහනක් ඉතාමත් ඉක්මණින් ආරම්භ ක්‍රියාවට නැංවීමට මෙහිදී තීරණය කෙරිණි.

එම ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳව උනන්දු කරවීම සඳහා මෙම ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයක් බවට පත්කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්