මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු සිදුකෙරේ
July 13, 2026 06:44 pm
අභාවප්රාප්ත ගායන ශිල්පණී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 10වන දින අලුයම අවසන් සුසුම් පොඳ හෙළීය.
මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.
