වැටලීමකට ගිය STF සාජන් මහවැලි ගඟේ ගිලී මරුට
July 13, 2026 05:43 pm
මුතුර්හි චිත්තන්තෙට්ටි ප්‍රදේශයේ නීති විරෝධි ලෙස වැලිගොඩ දමමින් සිටි පිරිසක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්තලේ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර අනියුක්තව සේවය කළ අයෙක් බව සඳහන්.
ඔහු ඊයේ (12) රාත්‍රී 7ට පමණ නිලධාරි 6දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග මෙම වැටලීමට ගොස් ඇති අතර, එහිදී මෙම අනතුරට මුහුණපා ඇත.
ගඟට වැටීමෙන් පසු ඔහු නඩවුත්තු ප්‍රදේශයට ගසාගන ගොස් ඇති බවට වූ සැකයක් මත අද උදෑසන එම ප්‍ර දේශයේ නාවික හමුදා කිමුදුම්කරුවන් විසින් සිදුකළ සොයාබැලීමේදී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වූ අයෙක්ය.
