කැලෑවේ රහසිගතව කසිප්පු පෙරූ තිත්පොළක් වටලයි

කැලෑවේ රහසිගතව කසිප්පු පෙරූ තිත්පොළක් වටලයි

July 13, 2026   05:06 pm

තලාතුඔය පොලිස්බල ප්‍රදේශයට අයත් බව්ලාන ගම්මානයේ කැලෑවක් ආශ්‍රිතව කලක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ.
                                         
තලාතුඔය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව ඊයේ (12) රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකොට තිබේ.

මෙම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට උපයෝගී කරගන්නා ගෝඩා මිලි ලීටර් 96,3750ක් මෙන්ම උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, මාරස්සන, තලාතුඔය ඇතුළු ප්‍රදේශ රැසකට බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර සැකකරු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.