ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුවක් - දිලිත්

ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුවක් - දිලිත්

July 6, 2026   10:42 pm

වත්මන් ආණ්ඩුවේ ඇති අදූරදර්ශී ක්‍රියාවන් මෙම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට හේතු වී ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. 

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටි පිරිසගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

ගැටුමෙන් මියගිය නිලධාරීන් මෙන්ම රැඳවියන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළ ඒ මහතා පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පටු දේශපාලනයෙන් ඉවත් වී නිවැරදි සංවාදයක් සිදුකළ යුතු බවය.

හෙට (07) දිනයේ පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්තොනොමතික ලෙස එම ධුරයෙන් ඉවත් කිරීම ද මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතුවක් විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.