මීගමුවේ රැඳවියන් පිරිසක් බෝගම්බරට
July 6, 2026 06:50 pm
මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් පිරිසක් මේ වන විට මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ඊයේ (05) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම අද (06) දිනයේ උත්සන්න වීමත් සමඟ මෙලෙස රැඳවියන් පිරිසක් බෝගම්බර බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතුකර ඇත.
මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
මෙම ගැටුමෙන් මේ වන විට පුද්ගලියන් 26 දෙනෙකෙු මියගොස් තිබේ.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්විමන් පැවසුවේ මියගිය පිරිස අතර නිලධාරීන් හත්දෙනෙකු ද සිටින බවය.
