නවසීලන්තය එරට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

නවසීලන්තය එරට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

July 2, 2026   03:18 pm

නවසීලන්ත රජය ‍රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ එල් නිනෝ තත්ත්වයෙන් එරට කාලගුණයට බලපෑම් එල්ල වනු ඇති බව නවසීලන්තයේ ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස හා සමුද්‍රීය පරිසරය පිළිබද පර්යේෂණ පවත්වන භූ විද්‍යා ආයතනය සදහන් කර ඇත.

විශේෂයෙන් ජූලි - සැප්තැම්බර් කාල සීමාව තුළ එල් නිනෝ බලපෑම ප්‍රබල වීමේ 80%ක සම්භාවිතාවක් පවතින බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

නවසීලන්ත භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ 2026-2027 ගිම්හානය පුරා එහි බලපෑම උපරිමයට පැමිණීමේ හැකියාව පවතින බවය.