header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සලේ මුරපද CIDයට නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
Jul 02, 202602:03 PM
සලේ මුරපද CIDයට නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
Mobitel 1278

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද ලබාදෙන ලෙසට අධිකරණය ලබාදුන් නියෝගයට ගරුකරන නමුත්, එසේ නොදී සිටීම සඳහා ඔහුගේ නීතිඥයින් අභියාචනයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සහාය දෙන ලෙස සැකකරුවන්ට බල කිරීමට අධිකරණයට වුවද අයිතියක් නොමැති බව සමස්ත විශ්වයම පිළිගත් මූලධර්මයක් වන බවය.

මෙම මුරපද ලබා නොදීමට බලපාන සාධාරණ හේතු හතරක් පවතින බව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ ඉන් පළමු හේතුව වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කෙරෙන විමර්ශනයකට සහය වීමට කිසිදු බැඳීමක් නොමැති බවය.

නීතියට අනුව මුරපද ලබාදෙන ලෙස කිසිවෙකුට බලපෑම් හෝ බලහත්කාරකම් කළ නොහැකි බවත් එය අයුතු බලපෑමක් වන බවත් උදය ගම්මන්පිල මහතා දෙවන හේතුව ලෙස මෙහිදී සඳහන් කර සිටියේය.

මේ වන විට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා එවැනි අයුතු බලපෑමක් කරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

අදාළ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ බුද්ධි තොරතුරු සපයන්නන් පිළිබඳ අතිශය සංවේදී තොරතුරු ඇතුළත්ව තිබීම තෙවන හේතුව වශයෙන් ඒ මහතා සඳහන් කර ඇත.

බුද්ධි නිලධාරියෙකු විශ්‍රාම ගියද තොරතුරුකරුවන්ගේ අනන්‍යතාව රැඳී පවතින්නේ අදාළ නිලධාරියා සතුව පමණක් වන බවද ඔහු පැවසීය.

අවසාන හේතුව ලෙස ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ, අතීතයේදී බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් සිදු වූ විනාශයන් පිළිබඳ තිත්ත අත්දැකීම් ඉතිහාසය පුරාම පවතින බවත් 2002 වසරේදී සිදු වූ ‘මිලේනියම් සිටි’ පාවාදීම එයට උදාහරණ වන අතර එමඟින් මෙරට බුද්ධි අංශ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණ නියෝගයට ගරු කරන අතරම, ඊට එකඟ නොවන පදනම මත පිහිටා සුරේෂ් සලේ මහතාගේ නීතිඥයින් මෙම නියෝගයට එරෙහිව ඉදිරියේදී අභියාචනා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

''ඊයේ දිනයේ කොටුව මහේස්ත්‍රාත් තමන්ගේ ජංගම දුරකථනයේත් පරිගණකයේත් මුරපද රහස් පොලිසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමඟ එකඟ වෙන්නේ නෑ. මොකද සමස්ත විශ්වයම පිළිගත්ත මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන් සහාය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ කියන එක.. මෙතෙන්දි, සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද පොලිසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහය දෙන්න කිසිම බැඳීමක් නෑ.

දෙවෙනි හේතුව තමයි, මුරපදය ලබාදෙන්න කියලා කවුරුහරි සුරේෂ් සලේ මැතිතුමාට බලපෑමක් කරනවා නම්, බලහත්කාරයක් කරනවා නම් එහෙම බලපෑම් කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. ඒක අයුතු බලපෑමක් වෙනවා. මේ වන විට නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා ඒ අයුතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම, මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි මේ ජංගම දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තමන්ගේ තොරතුරුකරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මම දැක්කා සිරිල් ගාමිණී පියතුමත් ප්‍රකාශ කරනවා ඔහු දැන් විශ්‍රාමිකයි, විශ්‍රාම ගන්නකොට බුද්ධි තොරතුරු ආයතනයට භාර දී පැමිණිය යුතුයි කියලා.. දන්න තරම තමයි. බුද්ධි තොරතුරු භාර දිය යුතුයි. හැබැයි බුද්ධි තොරතුරු දුන්නා තොරතුරුකරුවන් පිළිබඳ විස්තර තියෙන්නේ අදාළ නිලධාරියා ගාව පමණයි.

ඒවා හෙළිදරව් වීම අතිශයින්ම සංවේදීයි. තමන්ගේ ජීවිතය පරදුවට තබා සලේ මැතිතුමා මේ මුරපදය රැකගන්න හතරවෙනි හේතුව අතිශයින්ම වැදගත්. ඒ තමයි මීට පෙර බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් මහා විනාශයන් වීමේ තිත්ත අත්දැකීම් අපේ ඉතිහාසය පුරා ලියවිලා තිබෙනවා. එයින් වඩාත්ම සමාජ ආන්දෝලනය ඇති කරපු කාරණය තමයි 2002 සිදුවුණු මිලේනියම් සිටි පාවාදීම ඒ මහා පාවාදීමෙන් පස්සේ අපේ බුද්ධි අංශ සීසීකඩ ගියා. ඉතින් මෙවැනි අවාසනාවන්ත තත්වයක් මත මේ කාරණා මත සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. මා හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමින් නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලේ මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා.''

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana