header logo
SLIC
සයුරෙන් එතෙර
දෝහා සාකච්ඡාවලින් අමෙරිකාව සහ ඉරාන අතර ධනාත්මක ප්‍රගතියක්
Jul 02, 202605:32 AM
දෝහා සාකච්ඡාවලින් අමෙරිකාව සහ ඉරාන අතර ධනාත්මක ප්‍රගතියක්
EDEX

අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී ආරම්භ වූ අතර එය ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර දෙපාර්ශ්වයම සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟ වූ බව කටාර් රාජ්‍ය පවසයි.

කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක, මජෙද් අල්-අන්සාරි X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, කටාරය සහ පාකිස්තානය මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කරමින් දෙපාර්ශ්වය සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ බවය.

එම සාකච්ඡා ස්විට්සර්ලන්තයේ පැවති ඉහළ මට්ටමේ හමුවේ ප්‍රතිඵල මත පදනම්ව ඉදිරියට ගෙන ගිය බවද ඔහු පැවසීය.

එමෙන්ම, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය කටයුතු අවසන් වූ වහාම මීළඟ වටයේ සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව කටාරය සඳහන් කළේය.

ඉරාන බලධාරීන් ජූලි 4 සිට ජූලි 9 දක්වා ඉරානයේ සහ ඉරාකයේ විවිධ ප්‍රදේශවල අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අවමංගල්‍ය උත්සව සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight