header logo
SLIC
උණුසුම් පුවත්
ඉරාන - අමෙරිකා නියෝජිතයෝ කටාර්හිදී සාකච්ඡා අරඹති
Jul 01, 202608:16 PM
ඉරාන - අමෙරිකා නියෝජිතයෝ කටාර්හිදී සාකච්ඡා අරඹති
EDEX

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සහ කලාපය තුළ කල් පවතින සටන් විරාමයක් ඇති කර ගැනීම අරමුණු කරගනිමින්, අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී ආරම්භ වී තිබේ.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර මෙම සාකච්ඡා මුහුණට මුහුණලා (ඍජුව) නොපැවැත්වෙන අතර, එය වක්‍ර තාක්ෂණික සාකච්ඡා මාලාවක් ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී කලාපය තුළ යළිත් උත්සන්න වූ යුද ගැටුම් නිමා කිරීම සඳහා මෙම සාකච්ඡා පවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර තහවුරු කර තිබුණි.

ඒ අනුව අමෙරිකාව නියෝජනය කරමින් එරට විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් මේ වනවිට දෝහා වෙත පැමිණ සිටිති.

මුලදී ඉරානය මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළද, මේ වනවිට එරට උසස් පෙළේ නියෝජිතයින් පිරිසක් දෝහා වෙත පැමිණ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබීම විශේෂත්වයකි.

පෙබරවාරි මාසයේදී ඉරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඇවිළී ගිය මෙම යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය මාසයේදී දෙපාර්ශ්වය අතර කරුණු 14 කින් යුත් අතුරු ගිවිසුමක් අත්සන් කෙරිණි.

වත්මන් දෝහා සාකච්ඡා පදනම් වී ඇත්තේ එම ගිවිසුම මතය. එහි ප්‍රධාන අරමුණු දෙකක් වේ.

එනම්, යුද්ධය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම හා ස්ථිර සාම ගිවිසුමක් කරා ළඟාවීම සඳහා දින 60ක කාලරාමුවක් සහිත සාකච්ඡා මාලාවක් දියත් කිරීම.

කෙසේ වෙතත් අදාළ අතුරු ගිවිසුමේ අන්තර්ගතයන් අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රසිද්ධියේ මතභේද හටගෙන ඇත.

පසුගිය සතිය පුරාම දෙපාර්ශ්වය වෙතින්ම අන්‍යෝන්‍ය වශයෙන් මිලිටරි ප්‍රහාර එල්ල විය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි වඩාත් සංකීර්ණ සහ සංවේදී කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැත.

ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර පවසන පරිදි, අවසාන වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය මත තම පූර්ණ බලය තහවුරු කරගැනීම ඉරානයේ ප්‍රධානතම අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව, ගල්ෆ් කලාපයට ඇතුළු වන සහ ඉන් පිටවන වාණිජ නැව් සඳහා ගාස්තු අය කිරීමේ අයිතියට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීමට ඉරානය උත්සාහ දරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට