නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ බීඩිකොළ තොගයක් මීගමුවේදී අල්ලයි
June 29, 2026 09:29 pm
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝ ග්‍රෑම් 625ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව කලපු ප්‍රදේශයේ ඊයේ (28) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදීය.
එහිදී, අදාළ යාත්‍රාව තුළ උර 17 අසුරා තිබියදී මෙම බීඩිකොළ සොයාගත් බව නාවික හමුදාව නිවේදනය කළේය.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන මීගමුව පමුණුගම ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන තිබේ.
එම සැකකරු, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
