අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්
June 23, 2026 05:09 pm
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා ජුලි මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අද (23) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා සැකකරු ජූලි මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
