මාරක අනතුරු දෙකක්

මාරක අනතුරු දෙකක්

June 21, 2026   09:39 am

හුංගම, රන්න වීරකැටිය මාර්ගයේ පුස්තකාල මාවත අසලදී සිදු වූ අනතුරකින් 53 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

රන්න දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

හුංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම මීරිගම - දිවුලපිටිය මාර්ගයේ දී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

රේන්දපොල ප්‍රදේශයේ සිට මීරිගම දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් ගත් මෙම කාන්තාවකගේ ගැටී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ රේන්දපොල, මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.