සයුරෙන් එතෙර
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි දරුවෙකු ඇතුළු 06ක් මරුට
June 21, 2026 09:28 am
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මියගිය පිරිස අතර අල්ජසීරා කැමරාශිල්පියෙකු ද වන බවය.
කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ මෙම කැමරා ශිල්පියා ස්නයිපර් ක්‍රියාකරුවෙකු ලෙස ක්‍රියාකළ ත්‍රස්තවාදියෙකු බවය.
මේ අතර පසුගිය ඔස්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වන අතර මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 1007දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
